අද පස්වරු 4.00 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වන විට අද දිනයේ පමණක් බදුල්ල හා මොණරාගල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 91ක් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ප්‍රචණ්ඩ ක්‍රියා 10ක්, නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු 38ක්, ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම් 35ක් ද ඒ අතර වන බව මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නීතීඥ චමින්ද ගුණසේකර මහතා කියයි.
කැෆේ සංවිධානය කියනුයේ මැතිවරණ පැමිණිලි 77ක් තම සංවිධානයට ලැබුණු බවයි. ඒ අතර අහසට වෙඩි තැබීම් ඇතුළු ගිනි අවි භාවිත කිරීමේ සිද්ධි තුනක් ද වන බව එම සංවිධානය කියයි.

