‘ඌවේ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 39ක්‘


ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට පෙරවරු 11 වන විට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

එහි අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ පිට ප්‍රදේශවලින් පැමිණි පිරිස් වාහන වලින් ඡන්දය පැවැත්වෙන ප්‍රදේශවල සැරිසරන බවයි.

වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ බණ්ඩාරවෙල හා වැලිමඩින් බව ද ඔහු පවසයි.