‘ඌව රජයට අවාසි බව රජයම දන්නවා’


ජනමත විමසීම් තුනකින්ම රජයට ඌව හොඳ නැති බව රජය දන්නේයැයි ද  දැන් විවිධ මැර කණ්ඩායම් ඌවට ගෙනවුත් ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා වියලුව මීගහකිවුල ඡන්ද රැස්වීමකදී පැවසීය.

‘ඡන්දයට රජය යාන වාහන යොදා ගන්නවා .බඩු බෙදනවා .ගොඩනැඟිලි විවෘත කරනවා. රටේ බහුතරය හම්බ කරනවා. සුළු තරය  සොරා කනවා.වසර 66 ක් තිස්සේ අලියටයි බුලත්කොලේටයි පුටුවටයි අතටයි  දීලා කර ගත්තේ ඒ ටික පමණයි.

මන්ත්‍රී ඇමැති වෙනවා. මන්ත්‍රීගේ ගේ ලොකු වෙනවා.තේ වතු ගන්නවා.දරුවන් රට අරිනවා.ලංකාවට ගේනවා .ඡන්දෙට දානවා .මන්ත්‍රීකම් දෙනවා. එක් ප්‍රභූවරයකුගේ බාල පුතා දාන්නේ ලක්ෂ එකහමාරේ සපත්තු.තව පුතෙක් ලක්ෂ නවසිය අනූපහක් වටිනා කාර් ගෙනල්ලා රේස් පදිනවා.මේ හොරකම,ඥාති සංග්‍රහය,දුෂණය නැති කළ හැක්කේ ජවිපෙට පමණයි‘