ප්‍රසන්න විතාන අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි“ චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය සිකුරාදා(21) ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා කියයි.
හිටපු විනිසුරු ලෙනින් රත්නායකගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවිණි.
ලෙනින් රත්නායක සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමාගේ වෘත්තිය ජීවිතය ගැන ස්වර්ණවාහිනිය 1999දී මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.‘හෙළිදරව්ව‘ නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජය රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද ඔහු කියා ඇත.
‘උසාවිය නිහඬයි‘ අතුරු තහනම ලබන 21 වැනි දා දීර්ග කළ අධිකරණය නඩු තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව දිසා විනිසුරු පැවසීය.