මෙවර උසස් පෙළ ප්‍රතිඵල දැක්කාම විශාල අනතුරක පෙරනිමිති පෙනෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (5) කිරුළපන බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් පේනවා ජයග්‍රහණය කරපු දරුවන්ට ආශිර්වාද කරනවා. මාධ්‍ය ආයතවලට ගෙනැල්ලා සුබ පතනවා. ඒ වුණත් අධ්‍යාපනය කඩා වැටිලා. හැම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනය බරපතල විදියට කඩා වැටීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ රටේ සාරධර්මයන්, සංස්කෘතිය ජාතියට උරුම කර දීමයි. නමුත් දැන් තිබෙන්නේ අයාලේ යන සංස්කෘතියක්. ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් 2013 වසරේ සමත්වූ ප්‍රමාණය 34%ක්. 66%ක ප්‍රමාණයක් වාණිජ හා කලා විෂයයන්ගෙන් සමත් වෙලා තිබෙනවා. රටක් දියුණු වීමේ මූලිකම දෙය විද්‍යා හා ගණිත විෂයන් හැකිතරම් දියුණු කිරීමයි. මෙතැනම අර්බුදය පෙනෙනවා‘ යැයිද උන්වහන්සේ සඳහන් කළහ.


