ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර අද අලුයම අවසන් විය. කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මවර පෙරහැරේ ධාතු කරඩුව මංගල හස්තිරාජයා මත තැම්පත් කරනු ලැබුවේ විපක්ෂ නායක රිනිල් වික්‍රම සිංහ මහතා විසිනි.
එවකට විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි 1927 දී නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා පූර්ණ දායකත්වය දැරූ හෙලේනා විජයවර්ධන ළමාතැනිය හා එතුමියගේ බාල පුත් වෝල්ටර් විජයවර්ධන මහතාගේ මූලික සංවිධායකත්වයෙන් ඓතිහාසික කැලණිය පෙරහට ආරම්භ කැරිණි.
(ග.හෙ)

