‘උදේ සවස බණ ඇසුවත් සමාජය පිරිහිලා‘


‘උදේ හවස බණ ඇසුවත් උදේ හවස පන්සල් ගොස් බුදුන් දැක්කත් බොහෝ වෙලාවට ඒ ලබා ගන්නා දේ හිතට එන දේ  භාවිතයක් නොමැති කමින් සමාජයේ  පිරිහීමක් ඇති වී තිබෙනවා‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැසිය.

‘සැම දෙනෙක්ම බෞද්ධයන් හැටියට උදේට මල් පූජා කළාට හවසට බුදුන් වැන්දට බෞද්ධයෙක් කියල සමාජයට පෙන්නුවත් වගකිම හා යුතුකමක් වන්නේ බෞද්ධකම චරිතයෙන් පෙන්වීමයි. අපේ චරිතයේ බෞද්ධ දර්ශනය හා භාවිතය නැතිකමින්  අපි අපිටම බොරුවක් කරගන්නවා. ඒ නිසා බෞද්ධයන් සිටින අපි වගේ රටකත් බොහෝ පිරිහීම් පසුබෑම් ඇති වී තිබෙනවා.‘ යැයි ද ජනපති කීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ගේ ආරාධනයෙන් යටිනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා ශීර්ෂයේ වැඩසිටි අභිනීල අක්ඛමර සර්වඥ කේෂ ධාතු හා සම්බුද්ධ ශරීරය පුරා වැඩ සිටි අස්ථි ධාතුන් වහන්සේලා හා මහ රහතුන් වහන්සේලාගේ ධාතුන් වැඩ සිටින ශ්‍රී ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය ජනපති හා වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් අතින් විවෘත කැරිණි.

4 9 11 23