‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් නම් කරලා තිබෙනවා. සංහිදියාව ජයග‍්‍රාහණය කිරීමේ කාර්ය ආරම්භ කළා පසුගිය වසරේ.ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතුවෙලා වගකීම් සහිතව එය ඉටු කරනවා කියලා අපි විශ්වාස කරනවා.මෙවැනි කටයුතු අපි සාර්ථකව රජයක් විදියට කරගෙන යන අතරවාරයේ සමහරවෙලාවට යම් යම් බාධාවන් ඇති වෙනවා. පසුගිය දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය සිදුවුණා.ඒ සිද්ධිය සැළ වු වහාම මම නියෝගයක් කළා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන අංශවලට මේ පිළිබඳ අපක්ෂපාති ස්වාධීන පරීක්ෂණ වහාම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් මම වහාම කොළඹින් එව්වා.මේ වන විට ඔබ දන්නවා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටිනවා. එම කටයුතු ඉදිරියේදි අපක්ෂපාතීව හා ස්වාධීනව ඉටුකරන බව මම විශ්වාස කරනවා.මෙම සිද්ධිය ඇතිවුණාව විශේෂයෙන්ම පහුගිය දිනවල යාපනයේ ප‍්‍රදේශයේ යම් නොසන්සුන් තත්වයක් තිබුණා‘ යැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (31) යාපනයේදී පැවසීය.
යාපනය කීරමලෙයි ප‍්‍රදේශයේදි යුධ හමුදා ශ‍්‍රම දායකත්වය යටතේ ඉ`දිකළ නිවාස 100 ක් ජනතා අයිතියට පැවරීම හා ආරක්ෂක අංශ සතු ඉඩම් කොටසක් ජනතාව වෙත නැවත පැවරීමේ වැඩසටහන් අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. එවැනි සිද්ධියක් වුණානම් උතුරේ පමණක් නොවෙයි, එවැනි සිද්ධියක් දකුණේ වුණානම් රුහුණු විශ්ව විද්‍යාලයේ මීටත් වඩා දකුණ නොසන්සුන් වෙයි කියලා මම හිතනවා‘ යැයි ද ජනපති කීය.
වැඩසටහන් අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවේයි සේනාධිරාජා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ