යුද සමයේ සිට යාපනයේ වසා දමා ඇති ළිං සැක සහිත බැවින් ඒවා පරීක්ෂා කළ යුතු බවට වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය ජනාධිපති, අගමැති, පොලිස්පති හා යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිගෙන් ලිඛිත හා වාචික ඉල්ලීම් කරන්නීය.
තමා යාපනයේ කළ සංචාරයකදී යුද සමයේ අතුරුදන්වූ සාමාන්‍ය වැසියන් මරා දමා මළ සිරුරු මෙම ළිං වලට දමා වසා දමන්නට ඇතැයි යන සැකය තමාට මෙන්ම ප්‍රදේශවාසීන්ටද ඇතිවූ බවත් ඇය මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙයි.

