‘උතුරු යෝජනාව එකමුතු කමට මරු පහරක්‘


යුද සමයේ සිදුවීයැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාව ජාතික සංහිඳියාවට මරු පහරක් බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.

දෙමළ ජනයාගෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙමින් පවතින බවත ද ඔහු පවසයි.

ආරක්ෂක අංශවලින් යම් ළිහිල් බවක් ලැබීමෙන් නැවතත් අන්තවාදයට හා බෙදුම්වාදයට හිස ඔසවන්නට ඉඩ දිය නොහැකි බවත්, හමුදාවෙන් වැරදි සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීමට අභ්‍යන්තර යාන්ත්‍රනයක් ඇති බවත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් කර ලංකාවේ කිසිවකු හෝ ජාත්‍යන්තර අධිකරණයට හමුවට පැමිණවීමට ඉඩ දිය නොහැකි බවත් වර්ණසිංහ මහතා පැවසීය.