පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් උතුරු මැද පළාත් සභාවේ පාසල් රැසකට නොලැබුණු බව තම සංගමයට දන්වා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසූයේ සිකුරාදා වනවිට සියලුම පාසල්වලට වවුචර් පත් බෙදාදෙන බවයි.
සෑම පාසලකටම වවුචර් පත් බෙදන බවත් මේ වන විටත් සියලුම පාසල්වලට වවුචර් පත් බෙදීම ආරම්භ කර ඇති බවත් ඇය කීවාය.

