‘උතුරු මහ ඇමැතිගේ කථාව නිවැරදිව වටහාගන්න‘


ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් පැවසීය.

"උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. මහ ඇමැතිගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.‘‘ යැයි කී අබේවර්ධන මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි සිතන බවද කීවේය.

webBT4A1381webBT4A1425-(1)