එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාධාරණව පවත්වන බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
පිටු දෙකකින් සමන්විත එම ලිපිය අද (10) තැපෑලෙන් යොමු කළ බව ද උතුරේ සිවිල් පරිපාලන කටයුතුවලට හමුදාව කරන මැදිහත්වීම් නතර කර උතුරු පළාත් සභා මැතිවරණය සාධාරණව පවත්වන ලෙස ද සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පැවසීය.