උතුරු පළාතේ ඡන්දයට විරෝධය පළ කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් කැලණිය ධර්මායතනය අසලින් අද ඇරැඹිණි.
පැමිණ සිටි පිරිසේ සාධු කාර මධ්‍යයේ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මුලින්ම පෙත්සමට අත්සන් තැබූහ.
මහා සංඝරත්නය ද, ජාතික නිදහස් පෙරමුනේ නායක ඇමැති විමල් වීරවංශ, නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද ඊට එක් වූහ.
මෙය රට වෙනුවෙන් ඉටු කරන උතුම් කාර්යයක්යැයි ද, රට වටා ගොස් අත්සන් එකතු කර එය ජනපතිට භාර දෙන බව ද නාලක හිමියෝ කීහ.