‘උතුරු ආණ්ඩුකරු ඉවත් කරනු‘


උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි කියැවෙන යෝජනාවක් සම්මත කළ උතුරු පළාත් සභාව එය  මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීමට තීරණය කළේය.

සභාපති සී වී කේ සිවඥානම් මහතා එම යෝජනාව ජනපතිට යවනු ඇතැයි පළාත් සභා ආරංචි කියයි.

දෙමළ ජාතික සන්ධානයේ නීතීඥ එන් සයන්තන් යෝජනා කළේය.

රවි කරන් මන්ත්‍රී එම යෝජනාව ස්ථිර කළේය. සභාවේ සිටි කිසිවෙක් ඊට විරුද්ධ නොවූහ. වව්නියා දිස්ත්‍රික් සිංහල මන්ත්‍රීවරයෙක් ද පැමිණ සිටියේය.

ඒ අවස්ථාවේ සභාවේ මන්ත්‍රීවරු 32ක් වූහ.

සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 38කි.

විපක්ෂ නායක කේ කමලේන්ද්‍රන් පැමිණ සිටියේ නැත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වවුනියාව පුවරසම් කුලමේ පාසලේ පවත්වාගෙන යන කඳවුරෙන් ඉවත් කර එය උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට පවරණ ලෙස කියැවෙන යෝජනාවක් ද සම්මත විය.