යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම විසදුම ගෙන ඒම ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපකෂ නායක ආර් සම්බන්දන් මහතා පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දේශපාලන විසදුම් ගෙන ඒම සම්බන්දයෙන් තවදුරටත් සාකච්ඡා වන බවත් ඒ සදහා මුස්ලිම් පාර්ශවයත් දෙමළ පාර්ශවයත් සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගතයුතු බවත් හෙතෙම කීවේය.
මේ වසර අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුධයට විසඳුමක් ගෙන ආ හැකි යැයි තමා විශ්වස කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ දෙමළ ජාතික දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සමග ත්‍රිකුණාමලයේ දී පැවැති සාකච්ඡාවක දී ය.