‘උතුම් බුදු රුවන ‘ පැරීසියේදී දොරට වඩී


පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරය විසින් පවත්වා ගෙන යන දහම් පාසලේ ප‍්‍රධානාචාරිනි විජයන්ති හේවගේ මහත්මිය විසින් රචිත ‘උතුම් බුදු රුවන ‘නම් දහම් පොත පසුගියදා පැරීසියේදි එළිදැක් විණී.

 ශ්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ බුදු පිලිම වහන්සේලාගේ අලංකාර රූප රාමු ඇතුළත් මෙම පොතේ බුදු ගුණ ඉතා සරලව පෙළ ගැස්වීම විශේෂය වන්නේය. එබැවින් ලොකු කුඩා කාටත් කියවීමට රුචියක් ඇතිවීම නිරායාසයෙන්ම සිදුවේ.

මෙම දොරට වැඩුමේ උත්සවයට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක  පරවාහැර චන්ද්‍රරතන හිමි, ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි හා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන ආරාධිතයෝ වුහ.

ආරාධිත දේශන හා දහම් පාසල වෙනුවෙන් එහි උප ගුරු ශ්‍රීලංකා තානාපති කාර්යාලයයේ භාෂා පරිවර්තක සෝමපාල විජේසිංහ මහතා දේශනයක් පැවැත් වීය. පසුගියදා පැවැත්වු ජනාධිපතිවරණ සමයේ ශ්‍රීලංකාවට ගොස් නැවත ප‍්‍රංශයට පැමිණි තානාපතිගේ  පළමු ශ්‍රී ලාංකික හමුව ද වෙයි.

‘මෙම දහම් පොත එක දිගට කියවා අවසන් කළ බව ඔහු  කීවේය. දහම් පොත එ තරම් සරලයි.‘

ගුවන් විදුලි නිවේදක අමර ගුණසේකර මහතා හා දහම් පාසලේ ගණිතය ගුරු ඒ පි පෙරේරා මහතා වේදිකාව බාරව සිටියහ.

 සරත් කුමාරගේ ගැයූ බුදු ගුණ ඇතුලත් සරල ගී උතුම් බුදුරුවනේ දොරට වැඩුම ආලෝකමත් කළේය. විහාරස්ථානයේ නව ගෙඩනැගිලි අරමුදලට පරිත්‍යාග කරන බව ස්තුති කථාව කළ  කතෘ විජයන්ති හේවගේ ගුරු මහත්මිය කීවාය.

 

01 02jj 03 04 05