පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියන් ගේ නඩුව මහේස්ත්‍රාත් උසාවියේ අසනවාද එසේත් නැත්නම් මහාධිකරණයට යොමු කළ යුතුද යන්න ගැන උපදෙස් ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) රහස් පොලිසියට නියෝග කළේය.
බලපත්‍රයක් නැතිව අලි පැටවකු ඇති කළැයි කියන සිද්ධියක් මත නඩුව පැවරීමට යයි. මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට පැවසූයේ අලි පැටවාගේ වටිනාකම අනුව දඩයක් නියම කළහොත් එම දඩය මහේස්ත්‍රාත්වරයකුට නියම කළ හැකි දඩයේ සීමාව ඉක්මවා යා හැකි බවයි.
මහේස්ත්‍රාත්වරයා පැවසූයේ ධම්මාලෝක හිමියන් කළැයි කියන වරද පොදු දේපළ පනත යටතට ගැනෙන බවයි. ඒ අනුව නිශාන්ත පීරිස් මහතා පෙන්වා දුන්නේ අලියාගේ වටිනාකම රුපියල් ලක්ෂ 56ක් බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් විසින් පැනවිය හැකි දඩයේ සීමාව උපරිමය ඉක්මවේ.

