ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුලින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යොජනාවක් එකමතිකව සම්මත් කර ගෙන ඇතැයි බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාව සම්මත කර ගනු ලැබු අවස්ථාවේදී යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ලංකාවේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප්‍රථම වරට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳවද ඇගයුමට ලක් කළ බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගනු ලැබු යෝජනාව මගින් එරට සිදු වී ඇතැයි කියන සිද්ධින් සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණ පැවැත්වීම උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුව ඇතැයි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව කියයි.