‘උකුසු රොකට්ටුව’ අනාගත ලෝකය වෙනස් කිරිමට සැරසෙයි


ඊලෝන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම විසින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන නවතම රොකට් යානය පිළිබඳ තොරතුරු  මේ වන විට අනාවරණය වී තිබේ.

එය නම් කර ඇත්තේ බී. එන්.ආර් හෙවත් Big Falcon Rocket යන නමිනි.

එක් කුටියක් තුළ මගීන් හය දෙනෙකුට ගමන් කළ හැකිවන පරිදි සකස් කළ මෙම රොකට්ටුවේ කුටි 40 කි.

නැවත නැවතත් භාවිතයට ගත හැකි වන පරිදි නිර්මාණය කරනු ලබන එම රොකට්ටුව පෘථිවිය හා අඟහරු ග්‍රහයා අතර සෘජු ගමන් සඳහා යොදා ගැනීමට හැකි බව අනාවරණය වී ඇත.

එසේම මෙම යානය පෘථිවිය මත අභ්‍යන්තර ගමන් සඳහා ද යොදවා ගැනීමට අපේක්ෂා කරනු ලබන අතර ඒ අනුව පැයක් ඇතුළත පෘථිවියේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට හැකියාව තිබේ.

ළඟාවීමට දිගු වේලාවක් ගතවන බොහෝ ගමනාන්ත වෙත මිනිත්තු 30 කට වඩා අඩු කාලයක් ඇතුළත ළඟා වීමට මෙම නව යානාව මඟින් අවස්ථාව හිමිවේ.

මෙම යානයට පැයට කිලෝමීර් 27,000 ක උපරිම වේගයකින් ගමන් කළ හැකිය.

අනාගතයේදී පෘථිවිය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක්  කරනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි බී. එන්.ආර් රොකට් යානාව පිළිබඳ සකස්කර තිබූ පූර්ව ප්‍රචාරක වීඩියෝව අනුව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට චීනයේ ෂැංහයි නගරය දක්වා එම රොකට් යානයෙන් ගමන් කිරීමට ගත වන කාලය මිනිත්තු 39 කි.

සිය නවතම සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් ‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධාන  මෙහෙයුම් නිලධාරිනිය වන ග්වේන් ෂොට්වෙල් මහත්මිය මෙසේ පැවසුවාය.

‘2020 වසරේදී ප්‍රථම වතාවට මුදාහැරීමට බලාපොරොත්තු වන රොකට්ටුව මගින් 2022 වසරේ දී  හා 2024 වසරේ දී  පිළිවෙළින් චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා වෙත මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.’

ඒ අනුව 2024 වසරේදී අඟහරු වෙත මිනිසුන් යැවීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකිවේ යැයි අනුමාන කෙරේ.

ඡායාරූප සහ විස්තරය ඩේලි මේල් අනුග්‍රහයෙනි

https://tinyurl.com/ycdoq9dq

-209