‘ඊපීඑෆ්, ඊටීඑෆ් සල්ලි වලට අත තියන්න දෙන්නේ නෑ’


සේවක අර්ථසාධක අරමුදලට  හා සේවා නියුක්ති භාරකාර අරමුදලට අත තැබිමට  රජයට  ඉඩ නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා  කියයි. එම අරමුදල් දෙක එක් කර  පාරිතෝෂික දීමනා අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළේය.

පෞද්ගලික අංශයේ සිටින හැටපන් ලක්ෂයක් පමණ සේවකයන් මෙම අරමුදල් වලට  දායක වන බවත් මෙම අරමුදලට රජය අත තැබීම ගැන වැඩ කරන ජනතාව අකමැති බවත් ඔහු පවසයි.