ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණ ආයතන වලට අපහාස වන අන්දමේ ප්‍රවෘත්තිමය සිද්ධීන් 14ක් පළ කිරීමෙන් අධිකරණයට අපහාස වී ඇතැයි කියමින් ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු හා ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයකු වන මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට අද (23) පැමිණිලි14 ක් බාර දුන්නේය.
ප්‍රවෘත්ති මාලාවක් වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබද සොයා බලා සුදුසු දඩුවම් ලබා දෙන ලෙසට මධුර විතානගේ මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.