‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු


ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය.

රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව වේ. ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කැරිණි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කැරිණි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය.