‘ඉහළ උසාවියෙන් උත්තර නෑ‘


තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි    මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ ප්‍රශ්නය විවෘත අධිකරණයේ විභාගයට ගන්නා  ද, තමන්ට උත්තර බැඳීමට ප්‍රමාණවත් කාලයක්   දෙන ලෙස ද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට භාර දුන් ලිපියට මෙතක් පිළිතුරක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.