‘ඉහළ උසාවි තීන්දුව මහ නීතියට විරුද්ධයි‘ - අගමැති


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය   ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 දෙක වගන්තිය අනුව බල රහිත බව රනිල් වික්‍රමසිංහ අගමැති අද ප්‍රකාශ කළේය.

මෙම වගන්තිය අනුව එවැනි තීරණයක් දීමට නම් අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් තමා නීතිපති මතය විමසන බව වික්‍රසිංහ මහතා කොළඹ දී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේය.

මෙම තහනම් නියෝගය අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි පරීක්ෂණ කරගෙන යෑමට අවහිරයක් නැතැයි ද, අධිකරණයෙන් අත්හිටුවා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

රාජපක්ෂ මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙන් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු කර තිබෙනවා නේදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිම නොතීසියක් තමාට නොලැබුණු බවයි.

එහෙත් ඇමැති මණ්ඩලයට යැවූ නොතීසියේ පිටපතක් ලබා ගත් බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම විභාග කිරීමට නියමිතව සිටි බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත ඉවත් විය. ඊවා වනසුන්දර විනිසුරුවරිය හා සරත් ආබෘ විනිසුරු නඩුව ලබන ඔක්තෝබර දක්වා කල් තැබූ අතර නඩුව අවසන්වනතුර හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීම අත්හිටුවීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) වගන්තිය මෙසේය.

(2) ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය, වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණෙය් විනිශ්චයකාරවරයන් කිහිපෙදනකු විසින් එකම අවස්ථාවේ දී විවිධ කාරණා සම්බන්ධයෙන් කියාත්මක කළ හැක්කේ ය : එසේ වුව ද, සියලු අවස්ථාවල දී එහි අධිකරණ බලය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශචයකාරවරයන්   තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වශෙයන් එක් රැස්ව සාමාන්‍යෙයන් කියාත්මක කළ යුත්තේ ය.