තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්නැයි ජාතික නිදහස් පෙරමුණ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
තනි තනිව සටන් කිරීමෙන් පරාජය හා මර්දනය අත් විඳින්නට සිදුවන බවට බ්‍රහස්පතින්දා (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සිදුවූ ප්‍රහාරය උදාහරණයක් බවද එම පෙරමුණ කියයි.
එච්.එන්.ඩී.ඒ සිසුන්ට එල්ලවූ ප්‍රහාරය පිළකුලෙන් යුතුව හෙළා දකින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.


