අලුතින් ආපු බදු සම්බන්ධයෙන් පුංචි පුංචි කතා බහක් තියන බවත් හරියට අයවැයක් සමග ආණ්ඩුවක් පටන් ගත්තේ මේ දෙසැම්බර් මාසෙන් පසුව බවත් මාස තුනට මේ හැමදේම කරන්න අමාරුයි බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (11) සිරිකොත දී පැවසුවේය.
රට හරි මාර්ගයේ ගමන් කරනා විට ඇතැමුන් අහුමුලු වල සිට කෑ ගසන්නේ තම දේශපාලන බංකොලොත් බව වසා ගැනීමට බව ද ඔහු පඅවසුවේය.
“ආණ්ඩුවේ ක්‍රියා හැමදේම හරි කියන්නේ නෑ.නමුත් රටේ යම් කිසි වෙනසක් තියනවා.විශ්‍රාම වැටුප වැඩි කරලා, ගෑස් මිල අඩු කරලා, ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කරලා, කිරිපිටි, සීනි, මිල අඩු කරලා එන ගමනෙදි පොඩි පොඩි අඩු පාඩුකම් වෙනවා.” යනුවෙන් ද ඔහු පැවසීය


