‘ඉන්දියාවෙන් නළුවන් ගෙන්වන ගමන් අපේ නළුවන්ට ගහනවා‘


කුරුණෑගල කුඹුක්ගැටේ දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියයි.

‘කෝටි ගණන් වියදම් කර රට ජාතිය ආගම ගැන කිසිත් නොදන්නා ඉන්දියාවේ නළුවන් ගෙන්නලා අහිංසක මිනිස්සුන්ගේ ඇස් නිලංකාර කරන්න හදනවා. ඒත් එක්කම රට ගැන හිතන සංවේදී කලාකරුවන්ට මැරයෝ දම්මලා ගස්සනවා. අපි ජනතාවට කියන්නේ බුද්ධිමත්ව හිතන්න කියලයි. මේ ජරා දේශපාලනය ලංකාවෙන් තුරන් කළ යුතුයි.‘