‘ඉන්දියාව තර්ජනයක් ලෙස නොදකින්න‘


සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති ස්ථානය යලි ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන මේ මොහෙතේ ඔවුන්  තර්ජනාත්මක ලෙස නොදැකිය යුතු බවත් , ඉන්දියාව ද සාමාන්‍ය ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා අපේක්ෂා සහ අභිලාෂයන් කෙරෙහි විමසිලිවත්ව කටයුතු කළ යුතු බවත්  විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

කොළඹදී අද (05)ආරම්භවූ ඉන්දු‐ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ නව වැනි සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින්  විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම කොමිසමේ සම සභාපති වන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය.

එම සැසියේදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීය.
 ‘‘දැනට වසරකට සියයට හතකට වඩා ආර්ථීක වර්ධනයක් ඇති ඉන්දියාව 2030 වන විට ලෝක ආර්ථීකයේ ඉහළම ස්ථානයේ පසුවන රටවල් තුන අතර සිටීවි. එහිදී ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති නීත්‍යානුකූල ස්ථානය යළි ලබා ගැනීම සඳහා ඉදිරියට ගමන් කරමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට ද  ප්‍රතිලාභ ලබා ගැනීම හැකියි. ‘‘

RDS_7156