‘ඉන්දියා ධීවරයන්ගෙන් මත්ස්‍ය සම්පත බේරා දෙන්න‘


ඉන්දියාවේ ධීවර සංගම් විසින් ආක්‍රමණකාරී ලෙස උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට විරුද්ධව යාපනයේ ධීවරයින් විසින් අද    යාපනය දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සිදුකලහ.

මෙම විරෝධතාවයේදී ඉන්දියාවේ  ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වළක්වාලීමට පියවර ගන්නැයි බලකරමින් පෙත්සමක් ද භාරදුන්හ. ඉන්දියාවේ මතස්‍ය කර්මාන්තකරුවන් ඍජුවම මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මෙරට මතස්‍ය කර්මාන්තය විනාශ කරන ආකාරයෙන් කටයුතු කරන බවත් මෙනිසා පාරම්පරික ධීවර කර්මාන්තය ආරක‍ෂාකර ගන්නා ලෙසත් මොවුන් තවදුරටත් බලකර සිටියහ.

මේ අතර ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට යන ධීවරයින් පන්නා දැමීම සහ ඔවුන්ට හංසා කරන බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයින් හෙට 08 වනදා වැඩ වර්ජනයක් සිදුකිරීමටද නියමිතය.