‘ඉන්දියා ඡන්දෙන් ලංකාවටත් පාඩමක්‘


ආඥාදායකත්වය අභිබවා ප්‍රජාතන්ත්‍රවාදය කවර මොහොතක හෝ ස්ථිරවම ජය ගන්නා බව ඉන්දියාවේ ඓතිහාසික බල පෙරළියෙන් පෙනෙන බව එක්සත් ජාතික පක්ෂය, ඉන්දියාවේ නායකත්වයට පත් නරේන්ද්‍ර මෝඩිට සුබ පතමින් එජාපය පවසයි.

ස්වාධීන මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, අධිකරණය, මාධ්‍යය යන සියලු ප්‍රජාතන්ත්‍රික යාන්ත්‍රන ඉන්දියා මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලය පෙන්වීමේ ප්‍රබල හේතුවක් වූ බව සුපැහැදිලියැයි ද එජාපය කියයි.

ඉන්දියාවේ ජයග්‍රහණය පෝක් සමුද්‍ර සන්ධියෙන් පිටත පිහිටි රටවලට ද විශේෂයෙන් ශ්‍රී ලංකාවට ද අදාළ බව එජාපය සඳහන් කරයි.