‘ඉතිහාසයට යන අයවැයක්‘ - මහින්ද රාජපක්ෂ


අයවැයේ යම් යම් වෙනස්කම් කිරීම ගැන අගමැතිට ස්තුතිවන්ත වන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

අය වැය විවාදයේ දී අදහස් දක්වමින් ඔහු කීවේ මෙය ඉතිහාස ගත වන අයවැයක් බවයි.

මෙවැනි අයවැයක් මීට පෙර දැන නැතැයි ද, මෙියින් පෙන්නුවේ වැඩ බැරි කම යැයි ද රාජපක්ෂ මහතා කීවේය.

තමා කිසි විටක දෙමළ ජනතාව එරෙහිව යුද්ධ නොකළ බවත්, යුද්ධ කළේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාට එරෙහිව බවත් ඔහු පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කීවේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බවයි. අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන බවත් ඔහු කීවේය.

අයවැය ඡන්ද විමසීම අද පස්වරු පහට පැවැත්වීමට නියමිතය.