‘ඉඩම් දුන්නා පමණයි ­- ඕමන්ත කඳවුර ඉවත් කර නෑ‘


ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා  පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී බ්‍රිගේඩියර්වරයා ප්‍රකාශ කළේ කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ තිබූ ඉඩම් කිහිපයක් පමණක් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාර දුන් බවයි.

එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් සිටී නම් නීත්‍යනුකූලව එම ඉඩම් මුදා හැරීම සඳහා එලෙස බාර දුන් බවත්, ඕමන්ත යුද හමුදා කඳවුර එලෙසින්ම තවදුරටත් තිබෙන බවත් බ්‍රිගේඩියර් සෙනවිරත්න මහතා කීවේය.