‘ඉංජිනේරුවෝත් සටනට බසිති‘


පසුගිය රජයෙන් පොරොන්දුවූ බව කියන රුපියල් 15,000ක වෘත්තීය දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය හා මහජනතාව දැනුම්වත් කිරීමේ උද්ඝෝෂණ පාගමනක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අද (2) පැවැත්වීය.

කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ඇරඹි පාගමන බෞද්ධාලෝක මාවත හරහා පැමිණ අගමැති කාර්යාලය අසලට ගමන් කෙරිණි.

එහිදී ඔවුන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නියෝජිතයන් 6 දෙනකුට අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා කැඳවිණි.

engineers_20151228 engineers_201512282 engineers_201512283 engineers_201512284