‘ඇවන්ගාඩ් හා යහපාලනය එකට යන්නේ නෑ‘


ඇවන්ගාඩ් සමාගමයි යහපාලනයයි එකට ගමන් නොකරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

‘එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ඝාතකයන් හිටියේ ඇතුලේ. පිටින් ආවේ නෑ. බුද්ධරක්ඛිත හා සෝමාරාම හිටියේ ඇතුලේ. ඒ වගේ පිසාචයන් හැම ආණ්ඩුවකම ඉන්නවා. මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ජනපති හා අගමැති විරසක කරන්න හදනවා. ඒ කිසි දේකට ඉඩ දෙන්න එපා. හිටපු ජනාධිපතිගේ මැදකොළඹ රැලියකදී වෙඩි තැබුවේ කවුදැයි අපි දන්නවා. ලොකු සල්ලිකාරයෙක්. එහිදී වෙඩි වැදුණේ යූඇන්පී කාරයකුට. ඒ මිනිහා ගැන කථා කරන්නේ නෑ. කථා කරන්නේ වෙඩි තියපු එකා ගැනයි. එයාට හොඳට සල්ලි තියෙනවා. කෝටි ප්‍රෙකෝටි ගණන් තියෙනවා. යූඇන්පී කාරයොත් පෙනී ඉන්නේ ඒ අය වෙනුවෙන්‘ යැයි ද ඔහු කීවේය.

මතුගම පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කීය.