‘ඇල්මෙන් අකුරු උගනිව් ඩෙස් පුටු නොතකා‘


ගලේවෙල තලකිරියාගම මහා විද්‍යාලයයේ 06 වැන වසරේ පන්ති දෙකක දරුවන්ට ඩෙස්, පුටු නොමැතිවීමෙන් ඉගෙනීමට සිදුව ඇත්තේ පැදුරු ඉටිරෙදි සහ රෙදි කැබලි බිම එලා වාඩි වීමෙන් බවත් එමගින් දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් කියති.

1982න් පසු පාසලට ඩෙස් පුටු ලැබී නැති දෙමාපියන් තම වියදමින් පරණ ඩෙස් පුටු අලුත් වැඩියාකර පාවිච්චියට ගෙන ඇතැයි  ද පවසති.

විද්‍යාලයයේ විදුහල්පති ඩී. ජී. විජේරත්න මහතා කියා සිටියේ දෙමාපියන් විසින් කැඩුණු ඩෙස් පුටු සාදා දෙන තුරු සිසුන්ගේ අධ්‍යාපනය නැවැත්විමට නොහැකි නිසා බිම වාඩි වී අධ්‍යයන කටයුතු කිරීමට සැලැස්වූ බවයි.

ගලේවල කලාපයේ වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පැවසූයේ තමන්ට මේ පිළිබඳව කිසිවකු දැනුම්දීමක් සිදු නොකළ බවයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජිතයකු එවන බවද ඇය කීවාය.

school_20161111 school_20161112 school_20161113 school_20161114 school_20161115 school_20161116