‘ඇයි මේ කුලප්පුවක්‘


‘තර්ජනය ගර්ජනය කරලා ගහලා දේශප්‍රේමී කලාකරුවන් නවත්වන්න බෑ,ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි.රට වෙනුවෙන්  යමක් කරන්න තියෙනවා නම් ජිවීතයට වඩා අපිට ඒක වටිනවා.‘ යැයි ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා බෙන්තරදී පැවැති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදී පැවසීය.

සෝමරත්න මහතා මෙසේද කීහ.

‘අපේ තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගලදී පහරදීලා තියෙනවා. ඇයි මේ කුලප්පුවක්.ඇයි මේ තරම් බය.මේ වගේ දේවල් කළා කියලා අපි නවත්වන්න බෑ.ජනපතිතුමා යුද්ධය ජයග්‍රහණය කළා .අපි ඒ ගෞරවය හැමදාම එතුමාට ලබා දෙනවා .එයට ගෞරව නොකරන්න තරම් අපි කුහක වෙලා නෑ.‘