රජයේ වෛද්‍ය නිලධාරින්ට පමණක් නොවෙයි, අපේ දරුවන්ටත් තම අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට සුදුසු පාසලක් සොයා ගැනීම ප්‍රශ්නයක්, එය අර්බුදයක් දක්වා දිව යන ප්‍රබල ගැටලුවක් බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ සභාපති පී. හේවාගමගේ මහතා මාධ්‍යයට පවසයි.
‘වාර්ෂික ස්ථාන මාරු පදනම මත අනෙකුත් රජයේ සේවකයින්ගේ දරුවන්ට මෙන්ම තම දරුවන්ටත් පාසල් ලැබිය යුතුයි. එසේ නොමැතිව කිසියම් වෘත්තියකට විශේෂත්වයක් කරන ලෙස තම සංගමය කිසි විටෙක බල නොකරන බවද අගමැති ප්‍රකාශය අනුව සෑම වෘත්තියකටම සමාන ලෙස සැලකීම අගය කරන බව’ ද ඔහු කියයි.