ඇමැතිවරුන් නව දෙනකු හා නිලධාරීන් පිරිසක් පසුගිය කාලයේ ගුවන් හමුදා හෙලිකොප්ටරවලින් ගමන් කර ඇත්තේ ජනපති හෝ අගමැතිගේ ඇරැයුමින් බවත්, එම ගමන් වෙනුවෙන් අදාල ආයතනවලින් මුදල් ගෙවා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක ඇමැතිවරුන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මුදල් නොගෙවා ගුවන් හමුදා යානා පාවිච්චි කර නැති බවයි.
රාජ්‍ය ඇමැති විජේවර්ධන මහතා කරුණු පැහැදිලිකරමින් කියා සිටියේ එම ඇමැතිවරුන් හෝ නිලධාරීන් වෙනුවෙන් යානා වෙන් කර ගත් ආයතන මුදල් ගෙවා ඇති බවයි.