‘ඇමැතිකම් පවරාගත් බව දැනුම් දී නෑ‘ - වර්ණසිංහ


බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශය තමාගෙන් ඉවත් කර ආණ්ඩුකාරවරයා යටතට පවරා ගත් බව හෝ එය මහ ඇමැතිවරයා යටතට පැවරූ බවට කිසිම දැනුම්දීමක් තමාට මෙතෙක් කර නැතැයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

පළාත් සභාවේ  ඕනෑම අමාත්‍යාංශයක් තමා යටතට පවරා ගැනීමටත්, එය වෙනත් අයකුට පවරාදීමටත් ආණ්ඩුකාරවරයාට බලයක් ඇතැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කීවේය.

තමාට මේ ගැන ලිඛිත හෝ වාචික දැනුම්දීමක් නොලැබුණු බවත් ඒ පිළිබ`ද නිල දැනුම්දීමක් ලැබුණු පසු නීතිමය හා දේශපාලනමය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

අයවැය සම්මත කර ගැනීම සඳහා බව කියමින් ආණ්ඩුකාරවරයා සභාව හදිසියේ මෙම මස 31 වැනිදාට කැඳවා තිබීමෙන්ම මෙවර අයවැය සම්මත කරගැනීමට මහ ඇමතිවරයා අසමත් වී ඇති බව පැහැදිලි වන්නේ යැයි ද වර්ණසිංහ මහතා කියා සිටියේය.