‘ඇමැති මණ්ඩලයේ ප්‍රමාණය පෙට්ටගමක් වගෙයි‘ - විමල් වීරවංශ


‘යහපාලන ආණ්ඩුව ආවේ කැබිනට් මණ්ඩලය අඩු කරනවා කියලයි. දැන් තියෙන්නේ කැබිනට් එකක් නොවෙයි පෙට්ටගමක් ප්‍රමාණයේ ඇමැති මණ්ඩලයකුයි.‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘පසුගිය කාලයේ වේදිකාවල එතනෝල් කාරයන් යැයි කෑ ගැසූ අයත් දැන් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. කුඩු කාරයන්යැයි කෑ ගැසූ අයත් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. ‘