(සුජිත් හේවාජුලිගේ )
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලයේදී මන්ත්‍රීවරුන් එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්න වුවත් පුළුවන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමරවීර මහතා මේ බව පැවසුයේ අඟුණකොලපැලැස්සේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදීය.
අමරවීර මහතා මෙසේද පැවසීය.
අගමැති පත් කිරීමට හෝ කැබිනට් මණ්ඩලයේ කැබිනට් මණ්ඩලය පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ව්‍යවස්ථානුකූල බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. කතානායකවරයාට එවැනි කිසිම බලයක් නෑ. ඔහු නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක් ජනාධිපතිවරයා කියන දේ හෝ කියන දේ විනිශ්චය කිරීමටද ඔහුට අයිතියක් නැහැ.
කතානායකවරයා කුමන පක්ෂයක වුවත් ඔහු එම ගෞරවනීය තනතුරට පත් වු විට මධ්‍යස්ථ විය යුතුයි.