(නිශාන්ත කුමාර )
ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් , ඇකිරිය හා ඒ අවට ගම්මාන කීපයක අද (31) සිදුවූ භු කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරී පිරිසක් අද (31) දින ඇකිරිය ගම්මානයට යැවීමට කටයුතු කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක ඊ එල් එම් උදයකුමාර මහතා පැවැසීය.
ඒසේම ආසන්න දින කීපයක් තුළ මෙවැනි භූ කම්පන කීපයක් ඇතිවීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙන්ම ජාතික භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශේෂ අවධානයක් යොමුව ඇතැයිද උදයකුමාර මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ඔහු මෙසේද කීය.
‘’ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඇකිරිය ගම්මානයේ අද අලුයම (31) දින භූ කම්පනයක් සිදුවූ බවට තොරතුරු අප වෙත ලැබුණා. ඒසේම මෙවැනි කම්පන තුනක් පසුගිය 22 දින අලුයම සිදුවූ බවද මෙම ගම්මුන්ගෙන් අපට දැන ගන්නට ලැබුණා.
වාසනාවකට මෙන් මෙයින් කිසිම අයෙකුට හෝ දේපළකට හානි සිදුව නැහැ.
ආසන්න වශයෙන් මේ අයුරින් භු කම්පන සිදුවීම පිළීබදව අපේ අවධානය යොමුව තිබෙනවා. අප මේ වන විටත් ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව විශේෂ කණ්ඩායමක් මේ වන විට ඒම ප්‍රදේශය වෙත යාමට පිටත්වී තිබෙනවා.
කොහොම වුණත් භු කම්පන සම්බන්ධයෙන් කලින් දැන ගැනීමේ හැකියාවක් අපට නැහැ. ඒ වගේම ජනතාවටත් ඒ සම්බන්ධ දැනුමක් නැහැ. ඒම නිසා අප ඉක්මනින්ම දිනකදී මෙම ගම්මානයට ගිහින් ඒ සම්බන්ධයෙන් ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරීමටත් බලා පොරොත්තු වෙනවා.
මෙහි රික්ටර් මාපාංක අගය සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසා සිටියද ඒහි විවිධ වෙනස් කම් ඇතිවීම නිසා ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත අගයක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් විමසීමක් කරන ලෙසද ඔහු කියා සිටියේය.
ඒහෙත් අද (31) ඉරිදා දිනයක් බැවින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද ඒය ව්‍යවර්ථ විය.’’

