ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුනොකර මේ රටට ද්‍රෝහි විය නොහැකි නිසා අලුත් බලවේගයක් ගොඩනගන්නට තීරණය කළ බවත් උතුමාණන් ළගට ගියොත් වරප්‍රසාද ලැබෙන නමුත් එසේ සිදු කැර ජනතාව පාවා නොදෙන්නේ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මීරීගම පස්යාලේදී පැවසීය.
ෆොන්සේකා මහතා මෙසේද පැවසීය
‘අද කතා කිරීමේ නිදහස,අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ,රැස්වීම් පැවැත්වීමේ අයිතිය මාධ්‍ය නිදහස ,මානුෂිය අයිතිවාසිකම් කියන කිසිම දෙයක් නෑ.මේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගෙන් සොරකම් කරලා. රට ආශ්චර්ය කරා යන බව කියනවා නමුත් දරුවන්ට පරිප්පුයි බතුයි කන්නන වෙලා තියෙන්නේ.‘

