‘ආවේ මවගේ දානයට -ඡන්ද වැඩට නොවේ‘


2015 ජනවාරි  4 හා 5 වැනි දින යෙදී තිබු මාගේ මෑණියන්ගේ දෙවර්ෂ පුර්ණ දානමය පිංකම මහනුවර අපගේ නිවසෙහි යෙදී තිබු බැවින් ඊට සහභාගී වීම සඳහා ජනවාරී 3 වැනි දින මා ශ්‍රී ලංකාවට පැමිණි බව  චීනයේ  ශ්‍රී ලංකා තානාපති  රංජිත් උයන්ගොඩ මහතා කියයි.

ඔහු එසේ කියනුයේ  ‘ඡන්ද වැඩට ආ තානාපතිවරු ආපසු පනී‘ යනුවෙන්  පසුගිය 11 වැනිදා  පළවු  පුවත පිළිබඳ කරුණු  දක්වමිනි.

 ‘ඒ සඳහා අවශ්‍ය පුද්ගලික නිවාඩු විදේශ ලේකම්ගේ අනුමැතිය  ඇතිව ලබාගත් අතර අවශ්‍ය වියදම්  පෞද්ගලිකව මාවිසින් දරණ ලදි.‘

‘මැතිවරණ කටයුතු වලට  සහයෝග පිණිස මා හට විදේශ අමාත්‍යංශයෙන් කිසිදු කැඳවීමක් නොකළ බව වගකීමෙන් යුතුව දන්වා සිටිමි.‘