‘ආවා‘ කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කොළඹදී අල්ලයි


පසුගිය සමයේ යාපනය ප්‍රදේශයේ කඩු ඇතුළු ආයුධ භාවිත කරමින් විවිධ අපරාධයන්හි යෙදුණු සන්නද්ධ ‘ආවා‘ කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු අද (21) කොළඹ කොටහේනේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන්ගේ කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් අපරාධ සඳහා යොදාගන්නා ලද ජීව අත්බෝම්බයක්, කඩු 3ක් සහ කෙටේරියක් ද සොයාගෙන ඇත.

මෙම අපරාධවලට සම්බන්ධ 6 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටිති. අද අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.