උතුරේ අධික ලෙස හමුදාව රඳවාගෙන සිටීම තුළින් එම පළාතේ ජනතාවගේ නිදහස අහිමි වන බවත් මෙතුළින් උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් ඇති කිරීමට අපහසු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ආවා කල්ලිය හමුදාවේ සහායෙන් සමාජ විරෝධී අපරාධවල නිරත වන බවත් මෙම කල්ලිය පොලිසියට එරෙහි ක්‍රියාවන් සිදුකර නැවතත් උතුරේ කලබලකාරී වාතාවරණයක් ඇතිකිරීමට උත්සහා කරන බවත් හෙතෙම කීය
‘ආවා කල්ලිය පිටුපස හමුදාව සිටින බවට අප පෙරාතුවම සදහන් කළා.එහෙත් එය තේරුම් නොගත් උදවිය දැන් හමුදාවත් එම කල්ලියත් අතර පවතින සම්බන්ධය ගැන කතා කරනවා.හිටපු හමුදා නායකයෙකු විසින් ආවා කල්ලිය පිහිටවූ බවට ඇමති රාජිත සේනාරත්න ද චෝදනා සහගතව ප්‍රකාශ කළා.
මේ අනුව හමුදාවේ සම්බන්ධයක් පවතින මෙම සමාජ විරෝධී කල්ලිය රජය කෙසේ මෙල්ල කරාවිද යන්න පිළිබද ප්‍රශ්නයක් නැගී තිඛෙනවා.එමෙන්ම හමුදාව පොලිසියට එරෙහිව විවිධ ආකාරයේ කටයුතු සිදුකරමින් උතුරේ යළිත් නොසන්සුන් තත්වයක් ඇති කරන්නට වෙර දරන බවට සැක මතුවෙනවා.මෙතුළින් උතුරේ ජනතාවට නිදහස භුක්ති විදිය තත්වයක් ඇතිවී තිඛෙනවා.
මෙනිසා උතුරේ දෙමළ ජනතාවගේ නිදහස් ජීවිතය සහතික කරමින් රජය විසින් ආවා වැනි සමාජ විරෝධී කල්ලිවලට එරෙහිව උපරිම පියවර ගත යුතුයි.‘