‘ආර්ථිකයට ලෙඩ ගොඩක් හැදිලා : සුව කරන්නත් අපහසුයි‘


මංගල අයවැය කියා මනෝරංජන අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණු රජයට තිබුණත් රටේ ආර්ථීකයේ තිත්ත ඇත්ත නොබියව රටට ඉදිරිපත් කළා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ණය බර වැඩිවීමෙ, ලෝක වෙළඳපොළ තුළ අපනයනයන් පහත වැටීම, පසුගිය කාලයේ ඉදිකළ මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන් ආර්ථීකයට සම්බන්ධ කරගැනීම පිළිබ`ද ගැටෙළු පැවතීම ආදිය නිසා වර්තමානයේ දී රටේ ආර්ථීකය ගැටළුකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා ස`දහන් කළේය.

රටේ ආර්ථීකයට ලෙඩ ගොඩක් වැළදී ඇතැයි කී අමාත්‍යවරයා ඒවා එක්වර සුවකිරීම අපහසු බවද කියා සිටියේය.

මෙය සංවර්ධනාත්මක සමබර අයවැයක් බවද කී ඇමතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය  අනුව සුදුසු ලෙස සංශෝධනය කර එය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් යැයි ද කීවේය.