‘ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා’



 
 
(ජයන්ත සමරකෝන්)

 
රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.


මෙය ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුය දරණ උත්සාහයක ප්‍රතිඵලයක් බව ද පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසීය.