‘ආයෝජන කලාපය සම්බන්ධ ගිවිසුම අද හෙටම අත්සන් කරනවා‘


යෝජිත හම්බන්තොට වරාය ආශ‍්‍රිත ආයෝජන කලාපය සම්බන්ධයෙන් අද හෙටම  පාර්ලිමේන්තුව සහ අනෙකුත් අදාළ අංශ දැනුවත්කර චීනය සමඟ ගිවිසුමට අත්සන් කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

ආයෝජන කලාපය සඳහා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් අක්කර 2,500ක් සහ මොණරාගල දිස්ත‍්‍රික්කයේ අක්කර 7,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් දැනට චීනය සමඟ අත්සන්කර තිබෙන බවත් ඔහු කීවේය.